මෙය උත්තර භාරතීය සංගීත අධ්‍යයනාංශයේ නව තෙවන වසර උපාධි අපේක්ෂකයින් සඳහා උත්තර භාරතීය සංගීත සිද්ධාන්ත විෂය යටතේ ලබා දී ඇති පැවරුමට අදාල Blog පිටුවයි.
උත්තර භාරතීය සංගීත සිද්ධාන්ත විෂය තුළ නව තෙවන වසර වන අප හට පැවරුණු පැවරුම කණ්ඩායම් පැවරුමකි. එහිදී එක් එක් කණ්ඩායම් වලට විවිධ මාතෘකා ඔස්සේ පැවරුම කිරීමට සිදු විය. මෙහිදී කණ්ඩායම් පහකට අප සියලුම මාතෘකා පහක් ලබාදුනි.
GROUP 01
පළමු කණ්ඩායම වන අප හට පැවරුණ පැවරුම වූයේ අනෙකුත් සියළුම කණ්ඩායම් වල සිදු කරන පැවරුම් පිළිබඳව හොඳින් අධ්‍යයනය කරමින් එම පැවරුම් ඔවුන් සිදු කල ආකාරය සහ පැවරුම සිදු කිරීමේදී ඔවුනට මුහුණ දීමට සිදු වූ ගැටළු තවද එම ගැටළු විසඳාගැනීමට ඔවුන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සටහන් කරගනිමින් බ්ලොග් පිටුවක් සාදා එම සටහන් ඇතුලත් කිරීමයි. මෙහිදී තවත් කණ්ඩායම් පහක් තිබූ බැවින් අප කණ්ඩායම නැවත අනු කණ්ඩායම් හතරකට බෙදී ඒ ඒ කණ්ඩායම් තම පැවරුම් සිදු කල අයුරු නිරීක්ෂණය කරමින් ඒ පිළිබඳව සටහන් සකසා Blog පිටුවට ඇතුලත් කර ඇත. පළමු කණ්ඩායම වන අපගේ පැවරුම වූයේ එයයි.
GROUP 02
දෙවන කණ්ඩායම සඳහා පැවරී තිබුණු කාර්ය වූයේ ගායන සම සිද්ධාන්තය පිළිබඳව තොරතුරු එක්කොට පරිපූර්ණ විස්තර මාලාවක් ඉදිරිපත් කිරීමයි. මෙහිදී මොවුන් මූලාශ්‍ර කොට ගත් ග්‍රන්ථ පහත දක්වා ඇත.
- Musicology of India (pt. V. S. Nigam)
- පෙරදිග සංගීතය අතිරේක කියවීම පොත (12 ශ්‍රේණිය)
මීට අමතරව මොවුන් විශ්ව විද්‍යාලයෙහි විවිධ කථිකාචාර්යවරුන් හමුවී තොරතුරු එක් රැස් කර ඇති අතර එසේ තොරතුරු ලබාගත් කථිකාචාර්යවරුන් පහත දක්වා ඇත.
- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රාණී එදිරිසූරිය මහත්මිය.
- බාහිර උපදේශක ශාස්ත්‍රපති රනිත්‍රි ඉසංකා දිසානායක මහත්මිය.
- ප්‍රාසාංගික කලාවේදී නලින් ඉලංගරත්න මහතා.
- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති අසිත් චානක අතපත්තු මහතා.
- සහාය වාදන ශිල්පී ශාස්ත්‍රපති පේශල මනෝජ් මහතා.
- සහාය වාදන ශිල්පී ප්‍රාසාංගික කලාවේදී ගයානාත් දහනායක මහතා.
මොවුන් සඳහා යොමු කරනු ලැබූ ප්‍රශ්න වූයේ,
01. උත්තර භාරතීය සංගීත පද්ධතිය තුළදී ගායන සමය යන සිද්ධාන්තය භාවිත වූ ආකාරය සහ වර්තමානයේ භාවිතා වන ආකාරයත් ගුරුකුල වශයෙන් එහි භාවිතය කෙබඳුද ? මේ පිළිබඳ ඔබගේ අදහස් දක්වන්න.
02. රාග ගායන වාදන පුහුණුවීම් වලදී මෙම සිද්ධාන්තය ප්‍රායෝගිකව උපයෝගී වන්නේ ද ? එය සාර්ථක ද ? ඒ පිළිබඳ ඔබගේ අදහස් දක්වන්න.
03. ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමේදී ගායන සමය සංකල්පය කෙතරම් දුරට සාර්ථක ද ? යන්න ඔබගේ අදහස් දක්වන්න.
මේ ආකාරයෙන් විවිධ අයුරින් එක් කරගත් තොරතුරු සාරාංශගත කොට මොවුන් මෙම පැවරුම සිදුකරන ලදි.
GROUP 03
තෙවන කණ්ඩායමට පැවරුනේ උත්තර භාරතීය සංගීතයේ එන ථාඨ පද්ධතිය සහ රාගාංග පද්ධතිය අතර සංසන්දනාත්මක අධ්‍යනයක් කිරීමයි. ඔවුන්ගේ මාතෘකාවට අදාල කරුණු විශාල ප්‍රමාණයක් ඇති නිසා ඔවුන්ගේ කණ්ඩායමද තවත් අනුකණ්ඩායම් පහකට බෙදී කරුණු රැස් කර ඇත. මෙහිදී ඔවුනට පැන නැගුන ගැටළුවක් ලෙස අවශ්‍ය කරුණු සොයාගත හැකි පොත්පත් නොමැති වීම දැක්විය හැකිය. මේ සඳහා ඔවුනට කරුණු සොයාගැනීමට තිබී ඇත්තේ “රාග දෘෂ්ටි ” නම් වූ ග්‍රන්ථය පමණි. අනධ්‍යන සේවක වැඩ වර්ජනය හේතුවෙන් ඔවුනට අවශ්‍ය තොරතුරු රැස් කිරීමට විශ්වවිද්‍යාලට පැමිණ පුස්තකාලය භාවිතා කිරීම පවා අපහසු කාර්යයක් වී ඇත. ඔවුන් අන්තර්ජාලය හරහා සහ රාග දෘෂ්ටි ග්‍රන්ථය උපයෝගී කරගනිමින් මෙම සංසන්දනාත්මක අධ්‍යනය මෙම තෙවන කණ්ඩායම සිදු කර ඇත.
GROUP 04
හතර වන කණ්ඩායමට පැවරුණ පැවරුම වූයේ ශ්‍රැති වීණාව ආශ්‍රය කරගනිමින් නව සංගීත භාණ්ඩයක් නිපදවීමයි. ඔවුන් ඒ සඳහා බොහෝ කරුණු ආචාර්ය විද්‍යාදර් ඔකේ නම් වූ ඉන්දියානු සංගීතවේදීගේ වර්තමාය වැඩසටහන් තුළින් සහ එතුමා මේ සම්බන්දව ලියා ඇති ලිපි තුළින් ලබා ගෙන ඇත. ඔවුන් ජේෂ්ඨ කථිකාචාර්ය මහේෂ් පත්මකුමාර කථිකාචාර්යතුමාගේ මගපෙන්වීම යටතේ විද්‍යාධර් ඔකේ සංගීතවේදීගේ ශ්‍රැති වීණාව ආශ්‍රයෙන් මෙම නව නිර්මාණය කලමුත් මෙම නව නිර්මාණය ශ්‍රැති වීණාවෙන් ඔබ්බට ගෙනයමින් නව සංගීත භාණ්ඩයක් දක්වා වර්ධනය කිරීමට සමත් විය. ඔවුන් මෙම සංගීත භාණ්ඩයෙහි සුසර යතුරු සඳහා ගිටාරයේ සුසර යතුරු භාවිතා කර ඇත. තවද මෙහි tailpiece කොටස සඳහාද පැරණි ගිටාරයෙහි ඇති tailpiece කොටසක් භාවිතා කර ඇත. තත් සඳහාද ඔවුන් ගිටාරයෙහි තත් භාවිතා කර ඇත. මෙය වාදනය කිරීම සඳහා මෝහණ් වීණා සංගීත භාණ්ඩයේ finger picks සහ slider එක යොදාගනියි. මෙහිදී ශ්‍රැති ලකුණු කිරීමේදී ඔවුන්ට ගැටළු මතුවී ඇත. එම ශ්‍රැති නිවැරදි ස්ථානයෙහි ලකුණු කිරීම යම් මට්ටමක අපහසු කාර්යකි. නමුත් ඔවුන් ඒ ඒ ස්ථාන වැල හඬ පිළිබඳවද අවදානය යොමු කරමින් ශ්‍රැති ස්ථාන ලකුණු කර ඇත. අවසානයේ සාර්ථක නව නිර්මාණයක් අපට දක්නට ලැබුණි.
ඒ අනුව අපගේ කාර්යභාරය වශයෙන් සැකසූ Blog පිටු ඉදිරියෙහි දක්වා ඇති අතර මේ සදහා සහය වූ අප කණ්ඩායමේ සාමාජිකයින්ගේ නම් ලැයිස්තුව පහතින් දක්වා ඇත.
01. MU/20/089- A. M. Naduni Kavindhya Abeysinghe
02. MU/20/215 -Pramudi Kawya Perera
03. MU /20/047 -Tharukshi Niwarthana
04. MU/20/001- Piyumi shashikala
05. MU/20/008- Parami Bandara
06. MU/20/237- Hashini madhurangi
07. MU/20/024- Nimasha Herath
08. MU/20/183- Kaveesha Nimansi
09. MU/20/142- Sachini Nadeesh Kumari
10. MU/20/276- Pramodi Malsha
11. MU/20/289- Nilmi Surangika
12. MU/20/249- Dinusha Prabhath Iroshana Bandara
13. MU/20/080- Mithila Hansamali
14. Mu/20/163- Pasindu Nuwan Madhusanka
15. MU/20/116- E.M.H.T Ekanayake
16. MU/20/065- Rowen Earl Peiris
17. MU/20/225- Kasuni Nimesha
18. MU/20/264- T. K. L. W. S. Wickramasinghe
19. MU20/199 - K.Sarasi Nimesha
Comments
Post a Comment