Group Number 03- (Comparative Study of Thata System and Raga System in north Indian Music)

 


විෂය : උත්තර භාරතීය සංගීත සිද්ධාන්ත  
විෂය කේතය : MUNI 33023
දේශක : ආචාර්ය මහේෂ් පත්මකුමාර
කණ්ඩායම : 03 


💢 හැදින්වීම


ලෝකයේ සංගීත ක්ෂේත්‍ර අතුරින් ඉතා දියුණු සංගීත ක්ෂේත්‍රක් වන භාරතීය සංගීතය වර්ෂ 2000 ට අධික දීර්ඝ වකවානුවක තුළින් වර්ධනය වූවකිග. මෙහි ආරම්භය වෛදික ගායනාවන්ට සම්බන්ධතාවයක් දක්වා තිබේ. 13 වැනි ශත වර්ෂය පමණ වන තෙක් භාරතීය සංගීතය තනි සංගීත පද්ධතියක් ලෙස පැවතුණදල 14 වැනි ශතවර්ශයේ ආරම්භ වුණු  ඉස්ලාමික පාලන යුගයත් සමග උතුරු ඉන්දීය ප්‍රාන්ත වලින් වෙනම සංගීත ක්‍රමයක ලක්ෂන විදයාමාන වන්නට වියග මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෝගල් යුගයට පසු වෙනම සිද්ධාන්ත මාලාවකින් සෑදී හින්දුථානී සංගීත පද්ධතිය උතුරු ඉන්දියාවේ ඇති වූයේය. මෙම භේදය හේතුවෙන් එතෙක් භාරතයේ පැවැති සංගීතය දකුණු ඉන්දියන්යේ පාරම්පරික උරුමය ලස කර්ණාටක සංගීතය නමින් ප්‍රචලිත වූයේයග එසේ වුවද සංගීතයේම මූලික ව්‍යුහය පද්ධති දෙකටම සමාන විය. වෙනත් නම් වලින් හැඳින්වුවහොත් රාග ක්‍රමය පද්ධති දෙකටම සමාන විය.

භාරතීය සංගීතය කොටස් දෙකකි.   

01- උත්තර භාරතීය සංගීතය 
02- දක්ෂිණ භාරතීය සංගීතය

💢 ථාට පද්ධතිය


නාදයෙන් ශ්‍රැතිය ද,  ශ්‍රැතියෙන් ස්වර ද, ස්වර‍යෙන් සප්තක ද උපදින බවත්, සප්තකයේ ශුද්ධ සහ විකෘති ස්වර සියල්ල එක්වීමෙන් ස්වර 12 ත් උපදීගසප්තකයේ මෙම ශුද්ධ සහ විකෘති ස්වර 12 උපයෝගීතාවයෙන් මෙම ථාට පද්ධතිය උපදින බව දැක්විය හැකිය. තවත් අදහසකට අනුව ථාට යනු ලරාග ඉපදවිය හැකි ස්වර සප්තකය යනුවෙන් හැඳින්විය හැක.

"මේල  ස්වර සමූහ  ස්‍යාද්‍රාගව්‍යංජනශක්තිමාන්"

මෙහි අදහස ලෙස රාග ඉපදවිය හැකි ස්වර සමූහයට,මේලය, යැයි කියනු ලැබේ.

සප්තකයේ ඇති ශුද්ධ හා විකෘති ස්වර 12 අනුසාරයෙන් දකුණු ඉන්දීය සංගීතඥයෙකු වන ව්‍යංකටමුකී පඬිතුමා ථාට 72 නිර්මාණය කිරීම පිළිබඳ තොරතුරු සඳහන් වී තිබේ. එම 72 අතුරින් භාත්ඛන්ඩේ පඩිතුමා විසින් ථාට 10 හඳුන්වා දෙමින් එය හින්දුස්ථානි සංගීත පද්ධතියේ අන්තර්ගත සියලු රාග උපදින ආකාරයෙ ක්‍රමවේදයන් ඉදිරිපත් කරන ලදී. එම දස ථට පහත පරිදි පෙන්වා දිහ හැකිය.

  • බිලාවල්
  • කළ්‍යාණ
  • ඛමාජ්
  • භෛරව
  • පූර්වි
  • මාර්වා
  • කාෆි
  • ආසාවරී
  • භෛරවී
  • තෝඩි
 
  



 💢 රාග පද්ධතිය 

01- ජනක රාග 
02- ජන්‍ය රාග

භාරතීය සංගීතයේ ප්‍රාණය රාගයන් යගඑය උත්තර භාරතීය මෙන්ම දක්ෂිණ භාරතීය සංගීත පද්ධති දෙකටම පොදු වූවකි. විමල් අභය සුන්දර මහතා සංගීත සංහිතා ග්‍රන්ථයේ ජනක රාග හඳුන්වා ඇත්තේ ආශ්‍රය රාග නමිනි. කර්ණාටක සංගීතයේ ජනක රාග 7 ක් ද හින්දුස්ථානි සංගීතයේ ජනක රාග 10ද පවතී. ජනක රාගයන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ එම රාගය්න්ගේ රාග සම්පූර්ණ වීමයිග භාරතීය සංගීතයේ ප්‍රාණය රාගයන් ය. එය උත්තර භාරතීය මෙන්ම දක්ෂිණ භාරතීය සංගීත පද්ධති දෙකටම පොදු වූවකි. විමල් අභය සුන්දර මහතා සංගීත සංහිතා ග්‍රන්ථයේ ජනක රාග හඳුන්වා ඇත්තේ ආශ්‍රය රාග නමිනිගකර්ණාටක සංගීතයේ ජනක රාග 7 ක් ද හින්දුස්ථානි සංගීතයේ ජනක රාග 10ද පවතීගජනක රාගයන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ එම රාගය්න්ගේ රාග සම්පූර්ණ වීමයි.

💢 රාගාංග පද්ධතිය.

එක්ඒක් රාගවලට අයත් සුවිශේෂී ස්වර සංගතීන් රාග අංග ලෙස සරලව විග්‍රහ කළ හැක. එහිදී විශේෂයෙන්ම ස්වර සංගති එකක්මණක් දැන ගැනීම ප්‍රමාණවත් නොවේ. මේ අයුරින් නිර්මාණය වන රාග වර්ග තුනකට බෙදා දැකිවිය හැක. එනම්
  • මීන්ඩ් ප්‍රධන රාග 
  • මීන්ඩ් අප්‍රධන රාග
  • සරල රාග 
උත්තර භාරතීය සංගීත පද්ධතියේ ප්‍රධන වශයෙන් රාග අංග 15 භාවිතයේ පවතී. මෙම අංග නම් කර ඇත්තේ ථාඨයන්ගේ හා රාගයන්ගේ නම් වලිනි.


  • බිලාවල් අංග 
  • කේදාර් අංග
  • මල්හාර් අංග
  • පූර්වි අංග
  • කල්‍යාණ අංග
  • බිහාග් අංග
  • කානඩා අංග
  • නට් අංග
  • භෛරව අංග
  • සාරංග අංග
  • ගෞඩ අංග
  • තෝඩි අංග
  • කෞන්ස් අංග
  • ඛමාජ් අංග


💢ථාට පද්ධතිය හා රාග පද්ධතිය අතර සංසන්දනය.


හින්දුස්තානි සංහීතයෙහි එන ථට 10 කිගමෙම ථාට සංකල්පය හින්දුස්ථානි සංගීතයට හඳුන්වා දෙනු ලැබුවේ පණ්ඩිත් විෂ්ණු නාරායන් භාත්ඛන්ඩේ පඩිතුමා විසිනි. රාගයක රාග විස්තර සලකා බලන කල්හි මුලින්ම අවධානය යොමු වන්නේ එහි ථාඨය කෙරෙහිය.ජනක රාග හ ජන්‍ය රාග සංකල්පය සලකා බැලීමේදි ථාඨයේ නමත් රාගයේ නමත් එක සමාන වන අවස්ථා බහුලය.

උදා ; බිලාවල් ථාටයේ ජනක රාගය බිලාවල් රාගය වීම.


💢 ථාට පද්ධතිය 

  1. ථාඨයක ස්වර 7 අඩංගු විය යුතුය.
  2. රංජකතව්‍ය ප්‍රමුඛ කර නොගනී.
  3. ථාඨයක ආරෝහී පමණක් ඇත.
  4. රසයක් ජනිත කළ නොහැකග එබැවින් ගායනය නොකළ මනා ය.
  5. ථාඨයක ගායන සමයක් හෝ වාදී සංවාදී ස්වය වලින් යුක්ත නොවේ.

💢රාග පද්ධතිය 

  1. රාගයක අවම වශයෙන් ස්වර 5 ක් තිබිය යුතුය.
  2. රංජකත්වය ප්‍රමුඛ කරගනී.
  3. රාගයක ආරෝහී අවරෝහී යන දෙයාකාරයම යෙදේ.
  4. රසයක් ජනිත කළ හැක.
  5. ගායනය සමයකින් හා වාදී සංවාදී ස්වර වලින් යුක්ත ය.
  6. සඩ්ජය හා පංචමය එකවර වර්ජිත නොවේ.

රාගයක ථාට වලට අනුව වර්ගීකරණය කෙරෙනුයේ එහි ආරෝහණයේ හා අවරෝහණයේ ඇති මූලික ස්වරයන්ට අනුවයගසෑම ජීවියෙක්ම සතුවම ඔහුටම ආවේනික වූ ජාන සංයුතියක් ඇත්තාසේම රාගයක මූලික ජාන සංයුතිය වන්නේ ථාටයයි. නමුත් මෙම වර්ගීකරණය ඉතා ප්‍රථමික මට්ටමක පවතී. ඇතැම් රාගවල ථාඨයන් පිළිබඳ සිතා බැලීමේදී එය ගැටලු කාරී වේ.

උදා; හංසධ්වනි රාගයේ ථාඨය බිලාවල් වීම.

එබැවින් ථාට පද්ධතිය තරමක් අසාර්ථක බව නිගමනය කළ හැකගනමුත් පසු කාලිනව බිහිවන රාගාංග පද්ධති ඊට සාපේක්ෂව තරමක් සංකීර්ණ හා ක්‍රමවත් තාර්කික බවක් උසුලයි. එහිදී රාග වර්ගීකරණය කෙරෙනුයේ රාගය  තුළ යෙදෙන ස්වර රටාව මෙන්ම රාග චලනයෙගි ඇතුළත් ස්වර සංගතිද පදනම් කරගෙනය. එබැවින් ථාඨ පද්ධතියට සාපේක්ෂව රාග පද්ධතිය වඩාත් සාධාරණ බව නිගමණය කළ හැක.





Comments

Popular Posts